කෑගල්ලේ තත්ත්වයත් දරුණු වෙයි. දැඩි සීමා පැණවීමේ තීරණයක්

0
123

කොරෝනා වසංගතය කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පැතිරීමේ අවදානමක් පතින බැවින් දැඩි සීමා පැනවීමට කෑගල්ල දිස්ත්‍රික් කොවීඩ් මර්ධන කමිටුව තීරණය කර ඇත.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණි.

මේ වනවිට සබරගමුව පළාතේ කොරෝනා ආසාදිතයන් 115 දෙනකු වාර්තා වී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 66කි. නිරෝධායනයට ලක්වන මුළු පිරිස 2707කි. නිරෝධායනයට ලක්කර ඇති පිරිසේ වෛද්‍යවරු 8 ක්ද සිටිති.

රත්නපුර දිස්ත්‍රික්කයේ  ආසාදිතයින් 49 දෙනකු වාර්තා වේ. පුද්ගලයින් 2500 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මෙම තත්ත්වයන් සැළකිල්ලට ගත් කොවිඩ් මර්ධන කමිටුව කෑගල්ල දිස්ත්‍රික්කයේ නවාතැන් සපයන සියලුම ස්ථාන වසා දැමීමටත් සංචරණ සීමා දැඩි කිරීමටත් තීරණය කරනු ලැබීය.

කෑගල්ල දිස්ත්‍රික්කයට ඇතුල්වීම හා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයකට පිවිසීම දැඩි සංචරණ සීමාවන්ට යටත්ව සිදුකිරීමට පොලිසියට උපදෙස් දෙන ලදී.

රඹුක්කන සහ උඳුගොඩ රෝහල් කොවිඩ් රෝගීන් සඳහා මේ වන විට වෙන් කර ඇති අතර වරකාපොළ රෝහල ද සූදානම් කරමින් පවතින බව මෙහි දී අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here