10.2 C
New York

බදුලු කෝච්චි කිහිපයක් අවලංගු කරයි

Published:

අයහපත් කාලගුණය හේතුවෙන් පස් කඳු කඩාවැටීමෙන් නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගය අවහිරවීම නිසා බදුල්ල සහ කොළඹ අතර අද (05) සහ හෙට (06) දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද රාත්‍රී 8.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියත් සවස 6.00ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියත් මෙලෙස අවලංගු කර තිබේ.

හෙට (06) උදෑසන 5.55ට, 8.30ට සහ 9.45ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සහ බදුල්ලේ සිට උදෑසන 5.45ට, 8.30ට සහ 10.15ට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර අවලංගු කර ඇත.

Related articles

Recent articles

spot_img