සීගිරිය තරණය කරමින් සිටි සීගිරිය සාංචාරක පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේම රෝගාතරු වී මියගිය බව ගලේවෙල පොලිසිය සඳහන් කරයි.
එච්.එම්.උපාලි කරුණාරත්න නමැති 58 හැවිරිදි ඔහු තිදරු පියෙකි.
මාතලේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක සීගිරි සංචාරක පොලිසියේ කටයුතු නිරීක්ෂණය සඳහා පැමිණ සිංහපාදය අසළට රාජකාරී කටයුතු සිදුවන ආකාරය බැලීමට ගොස් ඇති බවත් එම නිරීක්ෂණ චාරිකාවේ දී ස්ථානාධිපතිවරයා හදිසියේ ම ඇදවැටී ඇත.
පොලිස් නිලධාරීන් විසින් ම පහළට ඔසවාගෙන ආ ඔහු ගිලන් රථයකින් සීගිරිය රෝහලට ගෙනගිය ද රෝහල්ගත කරන විටත් ඔහු මියාගොස් සිටි බව වෛද්‍යවරු කියති. ඔහුගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද දඹුල්ල මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතය.