ජාතික රූපවාහිනියට අනවසරයෙන් ඇතුළු වී එහි විකාශ කටයුතුවල බාධා කළායැයි චෝදනාවක් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ධානිෂ් අලි ට අද (04) දින 14ක සිර දඬුවමක් ලබා දීමට කොළඹ අතිරේක දිසා විනිසුරු නියෝග කළේය.
එම සිර දඬුවම නියම කරන ලද්දේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී ජංගම දුරකථනයක් භාවිතා කළා යැයි වරද පිළලිගැනීම හේතුවෙනි. ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
ධානිෂ් අලි ගෝල් ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළේය.