දකුණු පළාතෙන් අද (01) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් 101ක් වාර්තාවන බව දකුණු පළාත් කොවිඩ් – 19 මෙහෙයුම් මැදිරිය සඳහන් කරයි. එම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 69ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 22ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 10ක් වශයෙනි.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ 2894ක් සිදුකර ඇති අතර, මාතර දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ 1733ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පීසීආර් පරීක්ෂණ 2897ක් වශයෙන් දකුණු පළාතේ සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 7505කි. කොවිඩ් – 19 මෙහෙයුම් මැදිරිය පවසන්නේ මෙහි දැක්වෙන්නේ ප්‍රතිඵල ලැබුණු පීසීආර් පරීක්ෂණ බවයි.
දැනට දකුණු පළාතේ පුද්ගලයන් 3953ක් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඔවුන්ගේ නිවාස තුළම ස්වයං නිරෝධායයට යොමු කර තිබේ. එම සංඛ්‍යා ගාල්ල දිස්ත්‍රික්කයේ 1725කි. මාතර දිස්ත්‍රික්කයේ 1515 ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ 713 දෙනෙකි.
ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 32කි. ප්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට, කොළඹ නැව් තටාංගනයේ කොරෝනා ආසාදිතයකු පැමිණීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගැණිනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව පහත සඳහන් කර ඇත.
බලපිටිය – 32
රත්ගම – 07
බෝපේ-පෝද්දල – 05
කරන්දෙණිය – 05
ගාල්ල මහ නගර සභාව – 04
ඉඳුරුව බෙන්තොට – 03
බද්දේගම – 02
ඇල්පිටිය – 02
ඉමදුව – 02
උඩුගම – නාගොඩ – 02
අම්බලන්ගොඩ – 01
හබරාදුව – 01
නෙළුව – 01
තවලම – 01
අක්මීමණ – 01
එකතුව – 69
මාතර දිස්ත්‍රික්කයේ ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයන් හමුන ආකාරය
මාතර මහ නගර සභාව – 05
වැලිගම – 04
දික්වැල්ල – 04
දෙවිනුවර – 03
අකුරැස්ස – 02
මුලටියන – 02
පස්ගොඩ – 01
දෙණියාය – 01
එකතුව – 22
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයන් හමුන ආකාරය.
හම්බන්තොට – 03
සූරියවැව – 02
තංගල්ල – 02
තිස්සමහාරාමය – 02
බෙලිඅත්ත – 01
කෙසේ වෙතත් කොරෝනා දෙවැනි රැල්ල ආරම්භවීමත් සමග සෞඛ්‍ය අංශ වරින් වර වාර්තා කරන ලදුව අප විසින් පවත්වාගෙන ආ ලේඛනවල සංඛාත්මක අගයන් මීට වඩා වෙනස් බව මින් ඉහත අපි අවස්ථා කිහිපයක දී ම rata.lk වෙබ් අඩවිය ඔස්සේ පෙන්වා දී ඇත.
අප සතුව ඇති එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් විමසූ විට ඔවුන් තොරතුරු ප්‍රතික්ෂේප කරන්නේ නැත. විවිධ අවස්ථාවල දී ඒ ඒ අංශවලින් තොරතුරු නිකුත් කරන බවත් තමන් නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් ලබාදෙන තොරතුරු පමණක් බවත් දකුණු පළාතේ කොවිඩ් – 19 මෙහෙයුම් මැදිරිය සඳහන් කරයි.
එබැවින් මින් ඉදිරියට ජනතාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා දකුණු පළාත් කොවිඩ් – 19 මෙහෙයුම් මැදිරිය විසින් නිකුත් කරන නිල තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමට අප තීරණය කර ඇත.
නමුත් නිල වශයෙන් නිකුත්කරන තොරතුරු සාවද්‍ය බව දැන දැනම නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකර සිටීම මාධ්‍යයේ කාර්යභාරය නොවන බැවින් අප විසින් මෙතෙක් යාවත්කාලීන කරන ලද ලේඛනය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් අවශ්‍ය අවස්ථාවන්හි දී ‘රට’ පාඨකයන් වෙත එය ඉදිරිපත් කරන බවත් දන්වා සිටින්නෙමු.