-2.5 C
New York

“වෘත්තීය නායකයන් වහා නිදහස් කරනු” උද්ඝෝෂණ අරඹයි

Published:

අත්අඩංගුවට ගෙන සිටින ජෝසප් ස්ටාර්ලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් වහාම නිදහස් කරන ලෙසත් ආණ්ඩුවේ මර්දනය වහාම නතර කරන ලෙසත් ඉල්ලා අද (04) කොළඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

ජනතාව මර්දනය කිරීම සඳහා පනවා ඇති හදිසි නීතිය ද වහාම ඉවත් කරන්න යැයි උද්ඝෝෂකයෝ ඉල්ල සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම, රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම රටේ සියලු ම පුරවැසියන්ගේ අයිතියක් බවයි. එම අයිතිය අහිමි කරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මර්දනය නවත්තන ලෙස ඔවුහු බල කර සිටිති.

Related articles

Recent articles

spot_img