0.3 C
New York

පොලිස් යට ඇඳුම් ගැන කී, ගාල්ලේ නීතිඥයන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්

Published:

ගාල්ල කොටු පවුර මතට ඇතුළු වීම වළක්වමින් පොලිසිය විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා යැයි පවසමින් ගාල්ලේ නීතිඥයෝ අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ගොනු කළහ.

මෙම පෙත්සම් ගොනු කරන ලද්දේ නීතිඥවරුන් වන නලනි මනතුංග, ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි, ගෝපිකා ලොකුගේ, රජින්ද්‍ර නාරංගොඩ, චන්දන ගොඩකන්දගේ, කේ.පී.ගමගේ, සමිත් ගාල්ලගේ, කුමුදු නානායක්කාර, එරංග නානායක්කාර, රේණුකා රංවැල්ල සහ තුසිත ජාගොඩ යන පිරිස විසිනි.

ඔවුන් සිය පෙත්සම් මගින් පවසන්නේ පසුගිය ජූලි මස 01 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයේ තුන්වැනි දිනය නරඹමින් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා කොටුව මතට නිදහසේ ඇවිද යාමට උත්සාහ ගැනීමේ දී පොලිසිය මැදිහත් වී එය වැළැක්වූ බවයි. එලෙස තම නිදහස් ගමනට බාධා කරමින් පොලිසිය මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ඔවුන් සිය පෙත්සම් මගින් පෙන්වා දෙයි. එමෙන් ම එදින රජයට විරෝධතා දක්වන පුවරු කිහිපයක් ද ඔසවාගෙන ගාලු කොටු පවුර මත සිටිමින් තම අදහස සාමාකාමීව ප්‍රකාශ කිරීමට අපේක්ෂා කළ බවත් පොලිසිය විසින් තමන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධා කළ බවත් මෙම පෙත්සම් කරුවෝ කියා සිටිති.

නීතිඥ මනෝජා ගුණවර්ධන මෙම පෙත්සම්වල ලේඛන ගත නීතිඥ ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මෙම පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නියමිත ය.  

Related articles

Recent articles

spot_img