-2.5 C
New York

තංගල්ලේ අනතුරකින් දෙදෙනකු මරුට තිදෙනකු දැඩි සත්කාරයට

Published:

තංගල්ල, හේනකඩුවේ දී කාරයක් ඊයේ (31) රාත්‍රී  මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රන්න ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 29ක් හා 35ක් වූ දෙදෙනෙකි.

ඔවුන් තංගල්ල සිට තිස්සමහාරාම දෙසට ගමන් කරමින් සිටිය දී රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගායේ ලිස්සා ගොස් අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය පවසයි. රියදුරා බීමතින් සිටි බව ද අනාවරණය වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ 05 දෙනකු ගමන් කරමින් සිට ඇත. අනතුරින් තුවාල ලැබූ රියදුරා සහ අනෙක් දෙදෙනා තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

Related articles

Recent articles

spot_img