-1 C
New York

නිල්වලා ගඟ දෙගොඩතලා යාමට ආසන්නයි

Published:

මහ වැසි හේතුවෙන් නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මේ වනවිට නිල්වලා ගඟ ඉහළ ජල ධාරා ප්‍රදේශවලට අධික වැසි පතිත වී ඇති බවත් දිගින් දිගටම වැසි ඇතිවෙමින් පවතින බැවින් ඉදිරි පැය 03 සිට පැය 24 දක්වා කාලයේ දී පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, තිහ‍ගොඩ, මාතර, කඹුරුපිටිය, මුලටියන සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂවල නිල්වලා ගඟ අවට සිටින පුද්ගලයන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේවනවිටත් ගඟ අවට පහත් බිමි ජලයෙන් යට වී ඇති අතර, සැළකිය යුතු මට්ටමේ ගංවතුරක් ඇතිවිය හැකි බවයි.

එබැවින් දැඩි සැළකිල්ලෙන් පසුවන ලෙසත් ආරක්ෂිත ස්ථානවෙත ඉවත්වීමට සූදානම්ව සිටින ලෙසත් දැනුම් දෙයි.ජලය සහිත ස්ථානවලින් ගමන් කිරීම සහ වාහන ධාවනය නොකරන ලෙස ද ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img