-2.5 C
New York

රන්ජන් නිදහස් කිරීමේ ලිපි ගොනුව ජනපති අතට ගනී

Published:

අධිකරණයට අපහාස කිරීමේ වරදට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉදිරි දින කිහිපයේ දී නිදහස් කරනු ඇතයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වූ විගස ඔහු නිදහස් කිරීමට අවශ්‍ය නීතිමය කරුණු සම්පූර්ණ කරන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට උපදෙස් දී තිබිණි. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අදාළ ලේඛන ගෙන්වා ගත් අමාත්‍යවරයා අවශ්‍ය ලියකියවිලි සැකසූ අතර පසුගිය සතියේ කියා සිටියේ ඒ සඳහා අගවිනිසුරුවරයාගේ අත්සන පමණක් දැනට අවශ්‍ය කරන බවයි.

දැන් එම ලිපි ලේඛන සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යැවූ බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. ඒ අනුව ඉතාමත් ඉක්මනින් රන්ජන් රාමනායකට නිදහස ලැබෙනු ඇතයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img