නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනව කාලයේ දී බස්නාහිර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
මේ වනවිට එලෙස බස්නාහිර පළාතෙන් පිටතට ගිය 550ක පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් දැනට සිටින ස්ථානවල ම නිරෝධායනය වී සිටින්න යැයි උපදෙස් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. එම සියලු දෙනා දින 14ක නිරෝධායන කාලය අවසන් කළ පසු නඩු පවරනු ලබන්නේ නිරෝධායන නීතිය යටතේය.