8.2 C
New York

“කළු ජූලියක් එපා” ගාල්ලේ දී සියලු ජාතීන් එක් වෙයි

Published:

ශ්‍රී ලංකාවේ වර්ගවාදී අර්බුදයක් ඇති කළ 1983 ජූලි මාසයට වසර 39ක් සම්පූර්ණ වීම සිහිපත් කරමින් “කළු ජූලියක් එපා” යනුවෙන් ගාල්ල ගෝඨා ගෝ ගම දී විශේෂ සැමරුමක් පැවැත්විණි.

ඊයේ (28) රාත්‍ර්‍රී පැවැති මෙම සැමරුම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා, හින්දු, ඉස්ලාම් සහ කතෝලික පූජක ප්‍රසාදීන් වහන්සේලා සහ සියලු ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාව රැස්වී සිටියහ.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ 1983 කළු ජූලිය තවත් ජූලි මාසයක් එපා යන්නයි. අදින් වසර 39කට පෙර ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අනවබෝධයෙන් ප්‍රයෝජන ගනිමින් බිහිසුණු වර්ගවාදී අර්බුදයක් ඇති කිරීමට පාලකයන් සමත් වූ බවත්, අද සියලු ජාතීන් එක්සත්ව එක්සිත්ව දුර්දාන්ත පාලනයකට එරෙහිව නැගී සිටින මොහොතක පාලක‍යන් එදා කළු ජූලිය මෙන් ම අදත් දැවැන්ත මර්ධනයක් තුළින් කළු ජූලියක් නිර්මාණය කරමින් සිටින බවත් ගාල්ල ගෝඨා‍ ගෝ ගම අරගලකරුවෝ කියති.

ඔවුන් පවසන්නේ එවැනි ජූලි මාසයක් ශ්‍රී ලංකාවට යළි අනවශ්‍ය බවයි.

Related articles

Recent articles

spot_img