8.2 C
New York

භරණගේ අවසන් කටයුතුවලට පැමිණි අමුත්තා

Published:

කලා වැව ජාතික උද්‍යානය සහ නාමල් උයන වනෝද්‍යානයේ සැරිසරමින් සිටි “භරණ” නම් ඇතාගේ සිරුර අද (28) මිහිදන් කරන අවස්ථාවේ හදිසියේ ම වනයෙන් එළියට පැමිණි තත් හස්ථියකු එම කටයුතු අවසන්වනතුරු ම එදෙස බලා සිටින ආකාරය දැකගත හැකිවිය.

එම අලියා ස්වර්ණහංස වැව ඉහත්තාවේ සිට භරණගේ අවසන් කටයුතු දෙස බලා සිටින ආකාරය බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. වනජීවී නිලධාරීන් කියා සිටියේ ‍එලෙස පැමිණ සිටි අලියා භරණගේ වයසට ම සමාන වයසේ පසුවන අතර භරණ සමග ඉතා දීර්ඝ කාලයක් එකටම සැරි සරන ආකාරය නිරීක්ෂණය වූ බවයි.

භරණගේ මරණය සිදුව ඇත්තේ විදුලි සැර වැදීමෙන් බව හදිසි මරණ පරීක්ෂණයෙන් සනාථ වී තිබිණි.

නාමල් උයන වනවාසී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අවට ගම්වාසීන්, ගල්කිරියාගම වනජීවී කාර්යාල නිලධාරී, ගල්කිරියාගම පොලිස් නිලධාරීන් එක්ව‍ බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ඇතාගේ සිරුර ජාතික නාමල් උයන රක්ෂිතයේ දී මිහිදන් කෙරිණි.

Related articles

Recent articles

spot_img