ව්‍යවස්ථාව පිළිගත නොහැකියැයි කී නීතිඥයා ගැන අගවිනිසුරුට දන්වා විශේෂ පරීක්ෂණයක්

පුවත්

විදෙස්

විරෝධතාවක් පැවැත්වෙන අතරතුර දී නීතිඥයකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැනුම්වත් කරමින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම විරෝධතාවව පසුගිය ජූලි 11 වැනි දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.

එහි දී නීතිඥයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිනොගන්නා බව හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කළ බවත්, එම නීතිඥවරයා පිළිබඳ අගවිනිසුරුවරයා දැනුම්වත් කිරීමට කටයුතු කර ඇතැයි ද‍ පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබුවේ නීතිඥවරුන්ගේ ක්‍රියාවන් සම්බන්ධ අවසන් තීන්දුවක් ගැනීමේ බලධාරියා වන්නේ අගවිනිසුරුවරයා බැවින් යැයි ‍පොලිසියේ උසස් නිලධාරියකු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles