4.6 C
New York

බස් රථයක් පෙරළී සිදුවූ බිහිසුණු අනතුර

Published:

කෙන්යාවේ මධ්‍යම ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගා නිම්නයකට පෙරළීම හේතුවෙන් පුද්ගලයන් 24දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

බස් රථය අඩි 131ක ප්‍රපාතයකට පෙරළී ඇති අතර වාහනයේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මේරු – නයිරෝබි මාර්ගය ඔස්සේ මේරු සිට මොම්බාසා වරාය නගරය වෙත ගමන් කරමින් තිබූ බස් රථය නිති ගංගා වේ පාලමක් මතින් ඉවතට පැණීමෙන් ඉරිදා (24) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවූ අවස්ථාවේ රථගේ ගමන් කල සංඛ්‍යාව සම්බන්දව පැහැදිලි තොරතුරු නොමැති බව බලධාරීහු පවසති.

2021 වසරේදී කෙන්යාවේ රිය අනතුරු වලින් පුද්ගලයන් 4,579ක් පමණ මියගොස් ඇති අතර මෙය පෙර වසරට වඩා 15%ක වැඩි වීමකි.

https://www.thesun.co.uk/news/19305639/24-dead-bus-plunges-bridge-brakes-fail/?utm_medium=Social&utm_campaign=sunmaintwitter&utm_source=Twitter#Echobox=1658737321-1

Related articles

Recent articles

spot_img