ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝත්‍රික දේශපාලනඥ දෞපදී මුර්මු අද(25) දිවුරුම් දුන්නාය.
64 හැවිරිදි මුර්මු ඔඩිෂා ප්‍රාන්තයේ පදිංචිකාරියකි. දේශපාලනයට පැමිණීමට පෙර ඇය ගුරුවරියක් ලෙස කටයුතු කර තිබේ. දේශපාලනයට පිවිසීමෙන් පසුව ඇය විවිධ තනතුරු දැරූ අතර ප්‍රාන්ත ආන්ඩුකාරවරිය ලෙස අවසන් වරට කටයුතු කර තිබිණි.
මුර්මු මහත්මිය ජනාදිපති ධූරය වැනි ඉහළ තනතුරක් දරන ඉන්දීය පළමු ගෝත්‍රික නායිකාවයි.
“මම ජනාධිපති ලෙස උසස් වීම මගේ ජයග්‍රහණයක් පමණක් නොව රටේ සිටින සෑම කෙනෙකුගේම ජයග්‍රහණයක්, ඔවුන්ට මෙම මට්ටමට පැමිණීමට සිහින දැකිය හැකිය,” දිවුරුම් දීමෙන් පසු මුර්මු මහත්මිය පැවසුවාය.
ඇයගේ නාමයෝජනා පිළිබඳව රූපවාහිනියෙන් දැනගත් බවත්, එම පුවත තමාව “පුදුමයට” සහ “ප්‍රීතියට” පත් කළ බවත් ඇය පැවසුවාය.
“දුරස්ථ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ ගෝත්‍රික කාන්තාවක් ලෙස, මම ඉහළම තනතුරට අපේක්ෂකයා වීම ගැන සිතුවේ නැත,” ඇයට නාමයෝජනා ලැබීම ගැන දැනගත් පසු වාර්තාකරුවන්ට පැවසුවාය.
දිගු කලක සිට ඇයව හඳුනන ප්‍රාන්තයේ පක්ෂ සගයෙකු වන කබි විෂ්ණු සත්පති ඇයව විස්තර කරන්නේ “කෙලින් හා සරල” පුද්ගලයෙකු ලෙසය.“මෛත්‍යවත් කාන්තාවක්, අහංකාර කමක් නැති, වාචාලකමක් නැති, හදවතින් යහපත් ය. ප්‍රකට නොවන, මිනිසුන් සමඟ නිදහසේ මිශ‍්‍ර වන, නිහතමානී, යටහත් පහත් ක‍්‍රියා ඇති ඇය දේශපාලඥයකු ලෙස මිනිසුන් ඉදිරියට රැගෙන යා යුතු ආකාරය දැන සිටියාය.”
ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන නමුත් විධායක බලතල ක්‍රියාත්මක නොකරයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහි සහ ප්‍රාන්තවල සහ ෆෙඩරල්-පරිපාලනය වන යුනියන් ප්‍රදේශ වල ව්‍යවස්ථාදායක සභාවල සාමාජිකයින් විසින් ජනපති තෝරා පත් කර ගනු ලැබේ.
මුර්මු මහත්මිය විපක්ෂයේ අපේක්ෂකයා වන ප්‍රවීණ දේශපාලනඥයෙකු වන යෂ්වන්ත් සිංහාට එරෙහිව පහසු ජයග්‍රහණයක් වාර්තා කළාය. 1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේ එවකට අගමැති අතල් බිහාරි වජ්පායි විසින් නායකත්වය දුන් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ සිංහා මහතා දැන් පක්ෂයේ සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි විවේචකයෙකි.
ජුලි 24 වෙනිදායින් සිය ධූර කාලය අවසන් වූ ජනාධිපති රාම් නාත් කෝවින්ද් වෙනුවට මුර්මු මහත්මිය පත් වේ.
අගෝස්තු මාසයේදී ඉන්දීය නීති සම්පාදකයින් ද රටේ උප ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඡන්දය දෙනු ඇත.
භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ජග්දීප් ධන්කර් සිය අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. විපක්‍ෂය ඉදිරිපත් කරන්නේ ෆෙඩරල් අමාත්‍යවරියක් ලෙස කිහිප වතාවක්ම කටයුතු කළ කොංග‍්‍රස් ප‍්‍රවීණයෙකු වන මාගරට් අල්වාය.
1958 දී මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ බයිදාපෝසි ගම්මානයේ උපත ලද මුර්මු මහත්මිය ඉන්දියාවේ විශාලතම ගෝත්‍රික කණ්ඩායම්වලින් එකක් වන සන්තාල් ප්‍රජාවට අයත් වේ.
ගම් සභා ප්‍රධානියකුගේ දියණියක් වන ඇය ප්‍රාන්ත අගනුවර වන බුබනේස්වර් හි රාමදේවි කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය.
ඇයගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 1997 දී ඇය රයිරන්ග්පූර් හි ප්‍රාදේශීය මැතිවරණයෙන් මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමත් සමඟය. ඇය බොහෝ විට නගරයේ සනීපාරක්ෂක කටයුතු පෞද්ගලිකව අධීක්ෂණය කරන අතර, කාණු පිරිසිදු කරන විට සහ කුණු ඉවත් කරන විට අව්වේ සිටගෙන සිටිනු දක්නට ලැබුණි.