spot_img
spot_imgspot_img

චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රොකට්ටුවක් යවයි

පුවත්

විදෙස්

චීනය විසින් ඉදිකෙරෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා “වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය” රැගත් ලෝන්ග් මාර්ච් 5B Y3 රොකට්ටුව අද(24) ගුවන්ගත කෙරිණ. රොකට්ටුව පිටත් වූයේ චීනයේ හයිනෑන් දූපතේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.

මෙම වසර අවසාන වනවිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට චීනය බලාපොරොත්තු වන අතර ඒ සඳහා යැවෙන රොකට්ටු තුනෙන් දෙවන රොකට්ටුව මෙලෙස ගුවන්ගත කළ බව චීන බලධාරීහු පවසති. ඔවුහු වැඩිදුරටත් පවසන්නේ රොකට්ටුව දියත් කිරීම සම්පූර්ණයෙන්ම සාර්ථක බවයි.

රොකට්ටුවෙන් රැගෙන ගිය වෙන්ටියන් රසායනාගාර මොඩියුලය ටොන් 23ක් බර වන අතර දිග මීටර් 17.9කි. මෙය විද්‍යාඥයින් තිදෙනකුට නවාතැන්ගෙන පර්යේෂණ සිදුකළ හැකි පරිදි සකස්කර තිබේ.

2021 වසරේ අප්‍රේල් මාසයේ දී චීනය මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරිණ. මේ වනවිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් දෙදෙනකු රැඳී සිටින අතර ඔවුන් දෙසැම්බර් මාසයේදී ශෙන්ෂු – 15 රොකට්ටුවෙන් කාර්යමණ්ඩලය පැමිණීමත් සමග නැවත පෘථිවියට පැමිණීමට නියමිතව ඇත.

https://www.reuters.com/world/china/china-launches-second-space-station-module-wentian-2022-07-24/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!