spot_img
spot_imgspot_img

ගාලු මුවදොර දැන් තත්වය සහ පොලිසිය කියන කතාව

පුවත්

විදෙස්

[ඡායාරූපයේ දැක්වෙන්නේ ගාලු මුවදොර පිටියේ අද (22) උදෑසන 9.00ට පමණ දැකිය හැකි තත්වයයි. ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කී්ර්ති තේනනකෝන්ගේ facebook ගිනුමෙනි]

ජනාධිපති ලේකම් කාර්යාලය තුළ අනවසරයෙන් රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඉවත්කළ බවත් එහි දී සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ දැක්වෙන්නේ කොටුව පොලිස් වසමේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සහ ඒ අවටත්, ප්‍රධාන පිවිසුම් දොරටුව අසළත් රැඳී සිටි විරෝධතා කරුවන් ඉවත් කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් දෙදෙනකු තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවත් පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ‍ගත් පුද්ගලයන් කැලණිය, ඇඹිලිපිටිය, ජාඇල, රත්නපුරය, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව, නුගේගොඩ ආදී ප්‍රදේශවල පසුවන වයස අවුරුදු 26-58ත් අතර අය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දක්වා ඇත.

එම සියලු දෙනා ම අද (22) අධිකරණයට ඉදිරිපත් කරන බව ද කොටුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

මේ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම් (SOCO) විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇඟිලි සටහන් සහ වෙනත් සාක්ෂි ලබාගැනීමට නියමිත බව ද පොලිසිය නිවේදනය කර තිබේ.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය නැවත බලධාරීන්ට බාර දෙන ලෙස අරගලකරුවන්ට කිහිප අවස්ථාවක දී ම කියා සිටිය ද ඔවුන් එය දිනෙන් දින ප්‍රමාද කළ බැවින් එම පරිශ්‍රය මුදාගැනීම සඳහා මෙම ඒකාබද්ධ මෙහෙයුම දියත්  කළ බවයි.

එම මෙහෙයුම ආරම්භ කරමින් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් සාමකාමීව ඉවත්වන ලෙසත්, ඉවත් වී ජනාධිපති ලේකම් කාර්යාලය අසළ බේරේ වැව මෝයට අනෙක් පසින් ඇති අරගල භූමියේ සාමකාමීව සිටින ලෙස උපදෙස් දුන්න ද එලෙස ඉවත් නොවුණු අවස්ථාවේ දී ලේකම් කාර්යාලයට ඇතුළු වී එය අත්පත් කරගැනීමට සිදුවූ බව ද පොලිසිය පවසයි. එම අවස්ථාවේ දී කලහකාරීව හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනමීට කටයුතු කළ බව ද අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් පරිශ්‍ර භූමියේ, එම පිවිසුමේ සහ බාලදක්ෂ මාවත මංසන්ධිය දක්වා ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් ආදිය ඉවත්කළ බවත් පොලිසිය සඳහන් කළේය.

එසේ වුව ද ජනාධිපති ලේකම් කාර්යාලය අසළ බේරේ වැව මොයේ අනෙක් දිශාවේ සිට ෂැංග්‍රිලා ‍හෝටලය දක්වා භූමියට ආරක්ෂක හමුදා හෝ පොලිසිය හෝ ඇතුළු නොවූ බවත් එම ස්ථානයට කිසිදු බලපෑමක් කර නොමැති බවත් පොලිසිය සඳහන් කරයි. එතැන තවදුරටත් සාමකාමීව අරගල කිරීඹට හැකියාව ඇති බව ද දැනටමත් අරගලකරුවන් එතැන රැඳී සිටින බව ද පොලිසිය අප සමඟ කීවේය.

එසේ වුව ද රජයේ කාර්යාල පරිශයන්ට ඇතුළුවී ඒවා අත්පත් කරගැනීම වරදක් බැවින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!