-2.5 C
New York

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු පැරණි කැබිනට් මණ්ඩලයම යළි පත්කරයි

Published:

ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන හෙට (22) උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම්දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වීමට පෙර ඔහු සමඟ අමාත්‍යමණ්ඩලයේ සිටි සෙසු අමාත්‍යවරු එම තනතුරුවල ම දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව හෙට ස්ථාපිත කෙරෙන නව ආණ්ඩුවේ වෙනස් වන්නේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධූරයන් පමණි.

ජනාධිපතිධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ සියලු පක්ෂ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව කලින් ප්‍රකාශ කළේය. ‍එසේ වුව ද එවැනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් සාකච්ඡා වට ගණනාවක් සහ එකඟතා රැසකට එළැඹීමට අවශ්‍ය බැවින් මෙ‍ෙලස හිටපු ඇමති මණ්ඩලය ම නැවත දිවුරුම් දෙන බව වාර්තා වෙයි.

ආර්ථික අර්බුදය ඉතාමත් දරුණු මට්ටමකට පත්ව තිබීම, අඛණ්ඩව සේවා සැපයීමේ අවශ්‍යතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා නොවෙනස්ව පවත්වාගෙන යාම යන අවශ්‍යතා හේතුවෙන් හිටපු කැබිනට් මණ්ඩලය ම කඩිනමින් දිවුරුම් දීමටත් පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img