1.6 C
New York

ආදි වාසී කාන්තාවක්, ඉන්දියාවේ ජනාධිපතිනිය වෙයි

Published:

ඉන්දියාවේ ජනාධිපති ධූරයට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදි මුර්මු තේරී පත්වූවාය.ඇය ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත් 15 වැන්නා වෙයි.

ඉන්දියාවේ ජනාධිපතිවරයා තෝරාපත්කර ගන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි. ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි.

ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත්වූ දෙවැනි කාන්තාව වන ඇය එරට ප්‍රථම ආදි වාසී ගෝත්‍රයකින් පැවත එන පළමු ජනාධිපතිනිය ද වෙයි.

ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත් ප්‍රථම කාන්තාව වන්නේ ප්‍රතිභා පතෙල් ය. ඇය ඉන්දියාවේ 12 වැනි ජනාධිපිතවරයා ලෙස 2007 වර්ෂයේ සිට 2012 දක්වා සිය ධූරය හෙබවූවාය. ප්‍රතිභා පතෙල් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සාමාජිකාවක වන අතර වෘත්තියෙන් නීතිඥවරියකි.

ඉන්දියාවේ නව ජනාධිපතිනිය ද්‍රෞපදී මුර්මු 64 වැනි වියේ පසුවන අතර ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික පවුලක සාමාජිකාවකි. ගුරුවරියක ලෙස ‍සිය වෘත්තීය ආරම්භ කළ ඇය භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක ලෙස දේශපාලනයේ නිරතවූවාය. 2015 සිට 2021 දක්වා පර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස ද ඇය කටයුතු කළාය.

පසුගිය 18 වැනි දා ආරම්භ වූ ජනාධිපතිවරණයට ඇයගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ ත්‍රිණමූල් කොංග්‍රසය යෂ්වාන්ත් සිංහා (84) ය.

නව ජනාධිපතිනිය ලබන 25 වැනි දා සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. ඇගේ ධූර කාලය වසර 05කි.

Related articles

Recent articles

spot_img