ඉතාලියේ, අගමැති ලෙස කටයුතු කළ මාරියෝ ඩ්‍රාගි එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ධූර කාලය වසර එක හමාරකට සීමා විය. පෙරදා (20) රාත්‍රියේ පැවති විශ්වාසභංගයේදී ඔහුට සහාය දැක්වීම ඔහුගේ ආන්ඩුවේ පක්ෂ තුනක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තමා ඉල්ලා අස්වන බව ඔහු ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාට පැවසීය.
භාරකාර නායකයා ලෙස රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටි අතර මෙම සරත් සමයේ ඉක්මන් මැතිවරණයක් අපේක්ෂා කෙරේ.
අන්ත දක්ෂිණාංශික නායක ජෝර්ජියා මෙලෝනි ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බවට දැනටමත් ඉඟි පළකර තිබේ.
74 හැවිරිදි ඩ්‍රාගි මහතා අගමැති ලෙස ජනප්‍රිය තේරීමක් විය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී, කොවිඩ් වසංගතයෙන් පසු යුරෝපා සංගමයෙන් ලැබුණු අරමුදල් ඉතාලියේ ආර්ථික ප්‍රකෘතිය සඳහා මෙහෙයවීමේ කාර්යය ඔහුට ලබා දෙන ලදී.
ජනාධිපති මන්දිරය වෙත යාමට පෙර, ඩ්‍රාගි මහතාට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී අත්පොළසන් නාදයක් ලබා දෙන ලදී. “මහ බැංකුකරුවන් පවා සමහර අවස්ථාවලදී ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරනවා. මෙම කාලය තුළ සිදු කරන ලද සියලුම වැඩකටයුතුවලට ස්තූතියි,” ඔහු මන්ත්‍රීවරුන්ට පැවසීය.
ඔහු සතියකට පෙර සිය ඉල්ලා අස්වීම මුලින්ම ඉදිරිපත් කළේ ඔහුගේම ආන්ඩුවේ ජනතාවාදී පක්ෂයක්, ව්‍යාපාර සහ පවුල් සඳහා ආර්ථික පැකේජයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ විට ය.
ජනාධිපති මත්තරැල්ල ඔහුට එම තනතුරේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටි අතර, දින කිහිපයක් නිශ්ශබ්දතාවයෙන් පසුව, ඩ්‍රාගි මහතා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට පැවසුවේ, ශක්තිමත්, සහජීවන රජයකට සහාය දීමට දේශපාලන පක්ෂ සූදානම් නම්, “පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම ගිවිසුම නැවත ගොඩනැගීමට සූදානම්ද?”යනුවෙනි.
මිලානෝ කොටස් වෙළෙඳ පොළ පිට පිට දෙවැනි දිනටත් පහළ ගියේය.
වත්මන් කටයුතු හැසිරවීම සඳහා තම රජය තවදුරටත් බලයේ සිටින බව ජනාධිපති මත්තරැල්ල ප්‍රකාශ කළ නමුත් ඊළඟට කුමක් සිදුවේදැයි හරියටම ප්‍රකාශ කළේ නැත. 2023 වසරේ පළමු භාගයේදී මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එය, බොහෝ විට සැප්තැම්බර් මැද හෝ ඔක්තෝබර් මුල දක්වා ගෙන ඒමට ඉඩ ඇත.
දේශපාලන අර්බුදයෙන් වැඩිපුරම ප්‍රයෝජන ගැනීමට නියමිත පක්ෂ අතර අන්ත දක්ෂිණාංශික ලීගය සහ මධ්‍ය දක්ෂිණාංශික ෆෝසා ඉතාලිය ඇතුළත් වන අතර බදාදා රාත්‍රියේ පැවති ඡන්ද විමසීමේදී ඔවුහු ඩ්‍රාගි මහතා ප්‍රතික්ෂේප කළහ.
කෙසේ වෙතත්, මත විමසුම්වල ඉහළින්ම සිටින්නේ අන්ත දක්ෂිණාංශික පක්ෂය වන අතර නායක ජෝජියා මෙලෝනි අගමැති විය හැකි යැයි සැලකේ. ඇය සමගි ආන්ඩුවේ කොටසක් නොවූ අතර පසුගිය සතිය පුරා නැවත නැවතත් හදිසි මැතිවරනයක් ඉල්ලා ඇත.
“මේ ජාතිය පාලනය කළ යුත්තේ කෙසේද, කුමක් කළ යුතුද, එහි කාර්මික උපාය මාර්ගය කුමක් විය යුතුද යන්න පිළිබඳව මට මගේම අදහස් තිබේ,” ඇය පැවසුවාය.
ඉතාලියේ දේශපාලන කැලඹීම සමග සමහර පක්ෂවල ප්‍රමුඛ පුද්ගලයින් ද බෙදී ඇත. ෆ්රෝසා ඉතාලියා පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු අගමැතිවරයා ඉවත් කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් පක්ෂයෙන් ඉවත් වී ඇත.