අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයට තම පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ඩලස් අලහප්පෙරුම බවත් ඔහු ඉන් පරාජයට පපත්වූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (20) රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“අපි ඩලස්ව ඉදිරිපත් කළා. අපි ඡන්දය දුන්නා. පැරදුණා. කවුරු හරි දිනන්නත් එපැයි. ඡන්දය වැඩියෙන් හමුවුණු කෙනා ජනාධිපපති වුණා. ඉදිරියේ දී මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. ආණ්ඩුව කවුරු උනත් රටට වැඩ කරන්න ඕනෑ. පිරිසක් කියනවා මේක ජනමතය නෙවෙයි කියලා. නමුත් අපි කියනවා මේක තමයි ජන මතය කියලා. මං හිතන්නේ දැන් අරගල කළා ඇති. ගාලු මුවදොර අරගල කරන තරුණයන් තේරුම් ගන්න ඕනේ එළියට ගිහින් වැඩ කරන්න.”
මේ අවස්ථාවේ දී මාධ්‍යවේදියකු විමසා සිටියේ රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නාද යනුවෙනි. “නෑ එහෙමත් නැහැ.” යනුවෙන් මහින්ද රාජපක්ෂ ඊට පිළිතුරු දුන්නේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි. පක්ෂය ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟ වන බව ද ඔහු කීවේය.
When is this man funeral???.
This is my Joke for the Day….ha..ha..ha
මේ නාකි මයිනා තාමත් රටේ මිනිස්සු අන්දනවා .එතකොට අර සේලයීන්න් බෝතල් එක්ක ආපු එකා කර්‍ර් ආපු එකා සල්ලි අරන් ඩල්සට චන්දය දීලා නැද්ද