ජනතාව විසින් බලයෙන් පහකිරීමෙන් පසු විදේශ රටක සිට ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවෙන් තෝරාපත්කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සැළසුම් කර තිබේ.
මේ අතර පිහිටුවනු ලබන නව රජය සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් බව මනූෂ නානායක්කාර පවසයි. ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ සියලු දෙනාට එකඟවිය හැකි අගමැතිවරයකු නම්කරන ලෙස ජනාධිපතිවරයා විසින් දැනටමත් පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවයි.
පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, සමගි ජන බලවේගයකට පමණක් නොව ජාතික ජන බලවේගයට වුව ද තම මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස යෝජනා කළ හැකි බව ද මනූෂ නානායක්කාර කියා සිටියේය.