-2.5 C
New York

ජනාධිපතිධූරයට තුන්කොන් සටනක්, සජිත් සටනට නෑ

Published:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමට අද (19) පාරිලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී ඒ සඳහා නම් තුනක් යෝජනා වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර එම යෝජනාව ජී.එල්.පීරිස් මන්ත්‍රීවරයා විසින් ස්ථිරක කරන ලදී.

ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කෙරුණු අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් එම නම ස්ථිර කරන ලදී.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් යෝජනා කළ අතර එම නම හිරිනි අමරසූරිය මන්ත්‍රීවරිය විසින් ස්ථිර කරන ලදීි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට මන්ත්‍රීවරු එක් අයකුට වඩා වැඩි ප්‍රමාණයකගේ නම් ඉදිරිපපත් වී ඇති බැවින් ඒ සඳහා ඡන්ද විමසීම හෙට (20) දිනයේ පැවැත්වීමට නියමිත වූ අතර පාර්ලිමේන්තුව හෙට (20) උදෑසන 10.00 දක්වා කතානායකවරයා විසින් කල් තැබිණි.

Related articles

Recent articles

spot_img