ග්‍රීසියේ උතුරු ප්‍රදේශයේදී කඩා වැටුණු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ, බංගලාදේශය වෙත ගෙන යමින් තිබූ අවි ආයුධ ටොන් 11ක් පමණ තිබී ඇතැයි බලධාරීහු පවසති. ඇන්ටනොව්-12 වර්ගයේ මෙම යානය සර්බියාවේ සිට ජෝර්දානය බලා පියාසර කරමින් සිටියදී සෙනසුරාදා (16) පස්වරුවේ ග්‍රීසියේ කවාලා නගරය ආසන්නයේ කඩා වැටීමෙන් යානයේ සිටි පුද්ගලයින් අට දෙනාම මිය ගියහ.
යානය කඩා වැටී ඇති ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් ඇතුළත ජීවත් වන ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වීඩියෝවේ දැක්වෙන්නේ යානය ගිනිගෙන ඇති අතර එය කඩා වැටෙන විට විශාල ගිනි බෝලයක් පිටවුණු බවයි.
ඉරිදා(17) උදෑසන ඩ්‍රෝන යානා යොදා ගනිමින් සුන්බුන් ඇති ස්ථානය සුපරීක්ෂාකාරීව සමීක්ෂණය කළ බව බලධාරීහු පවසති.
පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින් සහ ග්‍රීක පරමාණුක බලශක්ති කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිත යැයි සලකන තුරු එම ස්ථානයට ගිනි නිවන හමුදාව නොපැමිණෙන බව රජයේ රූපවාහිනිය වාර්තා කළේය.
“එම ස්ථානයේ දැඩි දුමාරයක් සහ තාපයක් මෙන්ම අප හඳුනා නොගන්නා සුදු පැහැති ද්‍රව්‍යයක් තිබෙන බව පෙනෙන්නට ඇත. එබැවින් එය කුමක්ද සහ අපට ක්ෂේත්රයට පිවිසිය හැකිද යන්න පිළිබඳව විශේෂ සන්නද්ධ හමුදා කණ්ඩායමක් අපට දැනුම් දිය යුතුය.”ගිනි නිවන හමුදාවේ ලුතිනන් ජෙනරාල් මාරියෝස් අපොස්ටොලිඩිස් වාර්තාකරුවන්ට පැවසීය.
ගුවන්ගත වී ටික වේලාවකින් එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ගුවන් නියමුවා කවාලා ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් ඉල්ලා ඇති නමුත් ධාවන පථයට ළඟා වීමට යානයට නොහැකි විය.
ප්‍රාදේශීය වේලාවෙන් 22:45 ට (GMT 19:45) ප්‍රදේශවාසීන් විසින් යානය කඩා වැටෙනු නිරීක්ෂණය කරන ලදී.
යානය බිමට වැටෙනු දුටු ගම්වැසියෙකු එය ඔවුන්ගේ නිවෙස්වලට කඩා නොවැටීම ගැන තමා පුදුමයට පත් වූ බව පැවසුවාය.
“එය දුමෙන් පිරී තිබුණි, මට විස්තර කළ නොහැකි ශබ්දයක් ඇතිවුණු අතර එය කන්ද හරහා ගියේය,” ඇය පැවසුවාය. එය කන්ද පසුකර හැරී කෙත්වලට කඩා වැටුණා. ගින්දර තිබුණා, අපි බය වුණා. වාහන ගොඩක් ආවා, නමුත් දිගින් දිගටම පිපිරුම් ඇති වූ නිසා ඔවුන්ට ළඟා වීමට නොහැකි විය.”
සර්බියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, කඩාවැටුණු Antonov AN-12 යානය, සර්බියානු නිෂ්පාදිත අවි ටොන් 11කට ආසන්න ප්‍රමාණයක් බංග්ලාදේශයට ප්‍රවාහනය කරමින් සිටි බවයි.
එහි අවසන් ගමනාන්තය වන ඩකා වෙත ළඟා වීමට පෙර එය ජෝර්දානය, සෞදි අරාබිය සහ ඉන්දියාව යන රටවල නතර කිරීමට නියමිතව තිබුණි.
මෙම යානය යුක්රේන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමක් වන Meridian විසින් මෙහෙයවනු ලැබුවද, මෙතෙක් යුක්රේනයේ යුද්ධයට කිසිදු සම්බන්ධයක් ඇති බවට කිසිදු තොරතුරක් නොමැත.