නිරන්තරව සංචාරකයන්ගෙන් පිරී ඉතිරී තිබුණු හික්කඩුව මේ වනවිට පාළුවට ගොස් තිබේ. නිරෝධායනය ඇදිරිනීතිය ක්‍රියාත්මක නොවූව ද හික්කඩුව සංචාරක පුරවරය හරහා වැටී ඇති කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පවා ඉඳහිට වාහනයක් දෙකක් පමණක් ධාවනය වෙයි.
සංචාරකයන් වෙනුවෙන් පවත්වාගෙන ගිය අළෙවි සැල් සහ ආපන ශාලා සියල්ල වසා දමා ඇති අතර හෝටල් කිහිපයක් පමණක් විවෘතව පවතී.
හික්කඩුව වෙරළ ද පාළුවට ගොසිනි, ජාතික කොරල් උද්‍යානය නැරඹීමට යන වීදුරු බෝට්ටු සියල්ල නවතා දමා ඇත. වෙරළේ සිටින්නේ මුහුදේ නෑමට පැමිණි ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනකු පමණි. හික්කඩුව සංචාරක පුරවරයේ සියලු ව්‍යාපාර ඇණ හිට ඇත.