spot_img
spot_imgspot_img

සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 20ක් යළි යවයි.

පුවත්

විදෙස්

සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් අද නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය හරහා යළි එංගන්තය වෙත යැවීමට රේගුව පියවර ගෙන තිබිණි. ඒ ටෙක්සාස් ට්‍රම්ප් නමැති නෞකාවකිනි.

මෙම කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම් දී තිබිණි. කසළ අපනයනය හා ආනයනය සම්බන්ධයෙන් ඇති ”බාසල් ජාත්‍යන්තර සම්මුතිය” ට අදාල නියමයන් මෙම කසළ ගෙන්වීමේ දී කඩකර ඇති බැවින් එම වන්දි මුදල ඉල්ලා නියමිත ක්‍රමවේදයට අනුව බාසල් සම්මුති ලේකම් කාර්යාලයට පසුගිය ඔක්තෝබර් 06 දා පැමිණිලි කළ බව පරිසර අමාත්‍යාංශය පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඉල්ලා තිබූ වන්දි මුදල රුපියල් 1,694,274,751.00 කි. (රුපියල් එකසිය හැටනම කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හතර දහස් හත්සිය පනස් එකකි.)

2017-2018 වර්ෂවල දී බාසල් සම්මුතිය කඩකරමින් කසළ බහාලුම් 263ක් මෙරටට ගෙන්වා ඇති අතර පෞද්ගලික සමාගමක් විසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ අංගනයක ඉන් බහාලුම් 130 ක් රඳවා ඇති අතර තවත් බහාලුම් 133ක් කොළඹ වරාය අංගනයක රඳවාගෙන තිබිණි. ඉන් බහාලුම් 21ක් පසුගිය සැප්තැම්බර් මස 27 වැනි දින එක්සත් රාජධානිය වෙත ආපසු යැවීමට කටයුතු කර තිබිණි.

අද නැව්ගත කරන ලද කසළ බහාලුම් 20 සමඟ මේ වනවිට යළි යැවූ කසළ බහාලුම් සංඛ්‍යාව 41කි. ඉදිරියේ දී තවත් බහාලුම් 92ක් යැවීමට රේගුව කටයුතු කරමින් සිටියි.

මෙම කසළ මෙරටට එවා ඇත්තේ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකු විසින් මෙරට ජීවත්වන තම සහෝදරයාගේ උදව් ඇතිව බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද පරිසර අමාත්‍යාංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!