කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි. අංශ ගණනාවකට බලපෑම්

0
225

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛා නිලධාරියකු කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී තිබේ.

මෙම නිලධාරියා පසුගිය ඔක්තෝබර් 23 වැනි දා දක්වා සේවයට පැමිණ ඇති අතර පෑලියගොඩ මාළු වෙළඳ පොළ සමඟ සම්බන්ධතා පවත්වා ඇත. ආසාදිත වූ නිලධාරියා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔහු සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් නිලධාරීන් දෙදෙනකු  සඳහා අද (31) කළුබෝවිල රෝහලේ දී පීසීආර් පරීක්ෂණ පවත්වන ලදී.

ආසාදිත නිලධාරියා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් අද (31) පීසීආර් පරීක්ෂණයට යොමුකළ නිලධාරීන් දෙදෙනා ආසාදිත වී තිබුණහොත් ඔවුන් දෙදෙනා අමාත්‍යාංශයේ ලේකම් අංශය හා සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය ඇතුළු අංශ ගණනාවක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බැවින් අංශ ගණනාවක විශාල පිරිසක් නිරෝධායනයට ලක්කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරචිමාර්ග සඳහන් කරයි.

ඉදිරි දිනවල දී සෞඛ්‍ය ආමාත්‍යාංශයට පැමිණීමේ දී සැළකිලිමත්වන ලෙසත් දැනට ඇතුළත සිටින සියලු දෙනාටම තවදුරටත් ආරක්ෂාකාරීවන ලෙසත් දැනටමත් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here