-0.7 C
New York

නව අගමැති ගැන තීරණය අද

Published:

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන 10.00ට රැස්වන පක්ෂ නායකවරු අග්‍රාමාත්‍යවරකු තෝරාපත්කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ රැස්වීම පිළිබඳ සියලුම පක්ෂ නායකයන් දැනුම්වත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සමගි ජන බලවේගය තීරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යධූරය සඳහා විපපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්කිරීම සුදුසු බවයි.  අනිකුත් දේශපාලන පක්ෂවලින් සහ කණ්ඩායම්වලින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් යෝජනා වන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම තහවුරු කරගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අතර ඔහු මීට පෙර කියා සිටියේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ඔහු අගමැතිධූරයනේ ඉල්ලා අස්වන බවයි.

Related articles

Recent articles

spot_img