-0.7 C
New York

බත්තරමුල්ලේ දී “සුවසැරිය” ගිලන්රථයකටත් පහර දීලා

Published:

උද්ඝෝෂණවල යෙදෙන පුද්ගලයන් ගිලන්රථවලටත් පහරදෙනවානම් සුවසැරිය ගිලන්රථ සේවය නවතා දැමීමට සිදුවන බව එහි සේවක සේවිකාවෝ කියති.

ඔවුන් මේ බව පවසන්නේ පසුගිය 13 වැනි දා රාත්‍රී බත්තරමුල්ල පොල්දූව හන්දියේ දී සුවසැරිය ගිලන්රථයකට එතැන උද්ඝෝෂණයේ යෙදී සිටි කිසියම් පිරිසක් හරදීම හේතුවෙනි.

යුද්ධයක් පවතින අවස්ථාවක දී වුව ද ගිලන්රථ ගමන්වලට බාධා නොකරීම ජාත්‍යන්තරව පිළිගත් සම්මුතියකි. නමුත් එදින කදුළු ගෑස් ප්‍රහාර එල්ලවන අතරතුර එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ ගිලන්රථයක් නවතා ගත් කිහිප දෙනකු එම ර‍ථයේ සේවක සේවකිාවන් එළියට ඇද එය පරීක්ෂා කර තිබේ. එහි දී ඔවුන් චෝදනා කර ඇත්තේ ගිලන්රථයෙන් කඳුළු ගෑස් ‍ප්‍රවාහනය කරන බවයි.

සුව සැරිය සේවකයන් පවසන්නේ කිසිම අවස්ථාවක සුවසැරිය ගිලන්රථ එවැනි කාර්යයන්හි නිරත නොවෙන බවකි. සෑම අවස්ථාවක දී ම ජනතාව වෙනුවෙන් කැප වෙමින් රෝගී සත්කාරය උපරිම ආකාරයෙන් ඉටුකිරීමට කටයුතු කරන තම සේවක සේවිකාවන්ට එවැනි චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බව ද ඔවුහු කියති.

එම ගිලන් රථයට ද උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් පහර දී අලාභහානි සිදුකර තිබිණි.

මෙවැනි සිද්ධීන් ඉදිරියටත් සිදුවන්නේ නම් 1990 සුවසැරිය ගිලන් සේවාව උද්ඝෝෂණ පැවැත්වනෙ දිනවල දී නවතා දැමීමට සිදුවන බව ද එහි සේවකයෝ ප්‍රකාශ කරති.

Related articles

Recent articles

spot_img