බුලත්කොහුපිටියේ පරීක්ෂණ 30කින් 11ක් ම ආසාදිතයි.

0
164

කොරෝනා ආසාදිතයන් 11 දෙනකු හමුවීම හේතුවෙන් බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බුලත්කොහුපිටිය හා ලැවල ග්‍රාම නිලධාරී වසම්වලට සංචාරක සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මාළු වෙළෙඳාමේ නිරත වූ පිරිසක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 30 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් 11 දෙනා හඳුනාගෙන ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ මොවුන්ගේ සමීපතමයන් සොයාගෙන ස්වයං නිරෝධායනයට යොමුකරන තුරු පැය 24ක කාලයක් සඳහා මෙම ග්‍රාම නිලධාරී වසම් දෙකට සංචරණ සීමා පැනවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here