-3.7 C
New York

ශ්‍රී ලංකාව එකට එක කරයි

Published:

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හමුවේ අද්විතීය පිතිහරඹයක යෙදුණු දිනේෂ් චන්දිමාල්ගේ ද්විත්ව ශතයත්, මංගල ටෙස්ට් තරඟයේ දීම විශිෂ්ඨ වාර්තාවක් තැබූ පභාත් ජයසූරියගේ පන්දු යැවීමත් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 39කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාව සමඟ පැවැති වෝන් මුරලි කුසලාන තරඟාවලිය 1-1ක් ලෙස සමකරගත්හ.

මේ හේතුවෙවන් ටෙස්ට් ලෝක ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 60ක් රඳවාගත හැකිවිය.

ලකුණු 190ක් පිටුපසින් ඉදිමින් දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානුවන්ගේ දෙවැනි ඉනිම පන්දුවාර 41ක දී ලකුණු 151කින් නිමා විය.

සිය පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය තරඟයේ ඉනිම දෙකේ දී ලකුණු 177කට කඩුලු 12ක් දවාගත්තේ මංගල ටෙස්ට් තරඟයක දී පන්දු යවන්නකු වාර්තා කරන ලද සිව්වැනි හොඳම පන්දු යැවීමට හිමිකම් කියමිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සිය මංගල ටෙස්ට් තරඟයේ දී වාර්තා කළ හොඳම පන්දු යැවීම ද වෙයි.

තම 66 වැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් සිය ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළේ අවසන් පිතිකරුවා එක් අන්තක රැඳී සිටිය දී පිට පිටම එල්ල කළ හයේ පහර දෙකකිනි. එම පන්දු දෙකම ක්‍රීඩා පිටියෙන් පිටත ගාලු කොටු පවුර අසළට පතිත විය.

ඔහුගේ එම ඉනිම හේතුවෙන් තරඟයේ වීරයා සම්මානය චන්දිමාල්ට හිමිවිය.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 110 කදී සියලු දෙනා දැවී ලකුණු 364 යි – ස්ටිවන් ස්මිත් (නොදැවී) 145, මානස් ලබුෂේන් 104, අලෙක්ස් කේරි 28, උස්මාන් කවාජා 37, ප්‍රභාත් ජයසූරිය 118/6, කසුන් රජිත 70/2, රමේෂ් මෙන්ඩිස් 117/1, මහීෂ් තීක්ෂණ 48/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 181 කදී ලකුණු 554 යි – දිනේෂ් චන්දිමාල් නොදැවී 206, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 85, ඇන්ජලෝ මැතිව්ස් 52, කමිඳු මෙන්ඩිස් 61, පැතුම් නිස්සංක 06, නිරෝෂන් දික්වැල්ල 05, රමේෂ් මෙන්ඩිස් 29, මහීෂ් තීක්ෂණ 10, ප්‍රභාත් ජයසූරිය 00, කසුල් රජිත 00, මිචෙල් ස්ටාක් 89/4, නේතන් ලයන් 194/2, මචෙල් ස්වෙප්සන් 103/3, පැට් කමින්ස් 95/1)

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම පන්දුවාර 41 කදී සියලු දෙනා දැවී ලකුණු 151 යි – මානස් ලබුෂේන් 32, උස්මාන් කවාජා 29, ඩේවිඩ් වෝනර් 24, ස්ටීවන් ස්මිත් 00, ට්‍රෙවිස් හෙඩ් 05, කැමරන් ග්‍රීන් 23, අලෙක්ස් කේරි 16, මිචෙල් ස්ටාක් 00, පැට් කමින්ස් 16, නේතන් ලයන් 05, මිචෙල් ස්වෙප්සන් 00, ප්‍රභාත් ජයසූරිය 59/6, රමේෂ් මෙන්ඩිස් 47/2, මහීෂ් තීක්ෂණ 28/2

Related articles

Recent articles

spot_img