-1.5 C
New York

ගාලු ආදරවන්තයන්ගේ සීමිත පන්දුවාර තරඟයේ ජය මහින්දයට

Published:

රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටනට සමගාමීව මහින්ද සහ රිච්මන්ඩ් විද්‍යාලයන් අතර වාර්ෂිකව පැවැත්වෙන සීමිත පන්දුවාර තරඟය ලකුණු 17කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.

මෙම තරඟය පසුගිය 10 වැනි දා මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

කාසිය වාසිය දිනා ගත් මහින්ද කණ්ඩායමේ නායක කුෂාන් මධූෂ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණය නිවැරදි බව සනාථ කරමින් ධනුජ ඉඳුවර පන්දු 100කින් ලකුණු 100ක් ලබාගත්තේ ඉන් පන්දු හයක් ම හතරේ සිමාවට ඉහළින් යවමනි. ලබාගත් හතරේ පහර සංඛ්‍යාව 08කි.

ඔහුට අනගි සහයෝගයක් ලබාදුන් දිනුර කළුපහන ලැබිය යුතුම අර්ධ ශතකය අහිමිකරගත්තේ ලකුණු 49කට දැවී යමිනි. කෙසේ වෙතත් මහින්ද ඉනිම පන්දුවාර 49.5 ක දී ලකුණු 226ට සීමා විය.

පන්දු යැවීමේ දී තරින්ද නිර්මාල් ලකුණු 43 කඩුළු 03 ක් හා ෂෙරෝන් අභිෂේක් ලකුණු 31 කට කඩුළු 02 ක් ලබා ගන්නා ලදී. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල රිච්මන්ඩ් විද්‍යාලයීය  කණ්ඩායමට ලබා ගත හැකි වුයේ සියළු දෙනා දැවී ලකුණු 209 ක් පමණි මෙහි දී තරිදු නිර්මාල් ලකුණු 41 ක් සහ කල්ප නෙත්සර ලකුණු 37 ලබා ගත් අතර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කුෂාන් මදුෂ  29/4 සහ ෂෙහාන් හසරංග 32/2 ලෙස රිච්මන්ඩ් පරාජය තහවරු කළේය.

තරඟයේ වීරයා සහ ‍දක්ෂතම පිතිකරුවා ලෙස ලෙස මහින්ද කණ්ඩායමේ ධනුජ ඉදුවර සම්මාන සම්මාන දිනාගත් අතර, දක්ෂතම පන්දුයවන්නා ලෙස මහින්දයේ කුෂාන් මධූෂ සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස රිච්මන්ඩ් විද්‍යාලයේ ෂැරන් අභිෂේක් සම්මාන දිනාගත්තේය.

Related articles

Recent articles

spot_img