ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පදාන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පසුගිය 28 වැනි දා එම ආයතනයේ සේවකයන් 292ක් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. ඉන් වාර්තා 170ක ප්‍රතිඵල ලැබී ඇති අතර ඒ අතරින් කාන්තාවන් 03 දෙනෙක් අතුළු 04 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ.
මෙම ආසාදිතයන් අතරින් එක් අයකු වැලිගම, මිදිගම පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අනෙක් කාන්තාවන් තිදෙනා නාකියාදෙනිය – පෝරමඩුකන්ද (51 හැවිරිදි), ඉමදුව – ජම්බුගහවත්ත (60 හැවිරිදි), අක්මීමණ තල්ගස්යාය (43) පදිංචි කරුවෝ වෙති.
Very sad