මම අගමැති කම භාර ගත්තේ ආර්ථිකය ගෙනයන්න බැරි අවස්ථාවක. ජනතාව දුක්විදින ජීවන විදයම වැඩිවෙන, රැකියාව අහිමිවෙන අවස්ථාවක ඉන්ධන නැතිව විදේශ විනිමය නැතිවුණු මීට ඉස්සෙල්ලා නොදැකපු වෙලාවක.
මේ ප්‍රශ්න දවසෙන් දෙකෙන් විසඳන්න බෑ. අඩුම වශයෙන් මූලික දේවල් කරන්න අවුරුද්දක් යනවා. කාලයක් වුවමනා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කිව්වා. අපිට ලොකු ප්‍රශ්න තිබුණා. මේ මාස කිහිපයේ ඒවා වැඩි වෙනවා. මිනිස්සු විදින දුක මම දැනගෙන හිටියා. මේ වගේ වෙලාවක විශේෂයෙන් ම 09 වැනි දා අරගලය පැවති වෙලාවේ මගේ රැස්වීම් කල්දාලා මම ගෙදර හිටියා.
එදා සවස මට පණිවිඩයක් ඇවිත් කිව්වා පොලිසිය කිව්වා අරගලයට ඇවිත් යන අය මේ ගේ ගාවදී කෑ ගහවි ඒ නිසා මමත් මෛත්‍රීත් පිටවෙලා ගියා. එතැන දී පිටවෙල සිටිය දී තමයි මේ ගේ ගිනි තිව්වේ.
මට තිබුණු එක ද ගෙදර. මගේ ලොකුම වස්තුව වුණේ පොත්. පොත් 2500ක් තිබුණා. පෘතුගීසි කාලේ ක්වාරොස් පියතුමා ලියපු පොත තිබුණා. බෝල්ඩියස් අවුරුදු 400කට පෙර ලියපු පොත තිබුණා. කිසිංගර් වැනි අය අත්සන් කරපු පොත් තිබුණා. මේවා මට තියාගන්න බෑ මමත් මෛත්‍රීත් මේවා රාජකීය විද්‍යාලයට දෙන්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දෙන්න වගේ එකඟ වෙලා තිබුණා. සමහර චිත්‍ර තිබුණා වසර 200ක් විතර පරණ ඒවා. ඒ අතරින් ඉතිරිවෙලා තියෙන්නේ විමලධර්මසූරිය රජතුමා ඕලන්ද තානාපතිවරු හමුවෙන චිත්‍රයක් විතරක් ඉතුරුවෙලා තියෙනවා. මේ හැම දේම විනාශ වෙලා.
මොනවත් ඉතිරිවෙලා නෑ. ත්‍රිපිටකය තිබුණා. බුදුදහම ගැන පොත් තිබුණා. බුද්ධ රූඵ 15ක් 20ක් තිබුණා ඉන් එකක් ඉතිරිවෙලා තිබෙනවා. පස්වග මහණුන්ගේ චිත්‍ර තිබුණා. ඒ කිසිම දෙයක් නෑ. හැමදේම සම්පූර්ණයෙන් ම විනාශ වෙලා තියෙන්නේ. මෙහෙම ගෙවල් විනාශ කරන්නේ හිට්ලර්වාදී ජනතාව විතරයි.
එදා සවස 4.00ට පක්ෂ නායකයන්ගේ රැස්වීඹක් තිබුණා. මමත් සූම් ක්‍රමයට කතා කළා. අනාගත වැඩ ගැන යෝජනා කළා ජනාධිපතිතුමා ඉවත්වුණාම ගතයුතු පියවර ගැන යෝජනා ආවා. ජනාධිපතිතුමා ඉවත්වීම ගැන හැමෝගෙම එකඟතාවක් තිබුණා. අලුත් ආණ්ඩුවක් ඇතිකරන්න යෝජනා කරා. විපක්ෂය කිව්වා ජනාධිපතිත් අගමැතිත් ඉල්ලා අස්වෙලා කතානායක වැඩබලන ජනාධිපති වෙලා ආණ්ඩුවක් ඇතිකරමු කිව්වා. මම කිව්වා මේකට කල් යනවා ඒකට මම කැමති නෑ මම යෝජනා කරන්නේ ජනාධිපති ඉල්ලා අස්වුණාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන්න මම අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්නම්. ඒ අය තීරණය කරන්න ජනාධිපති කවුද කියලා. මගේ ස්ථාවරය මම කිව්වේ. මේ ගැන ටිකක් වාද කළා. ඉතින් මම මගේ ස්ථාවරය කිව්වා. මොකද මේ සතියෙත් එන සතියෙත් විශාල වැඩ කොටසක් තියෙනවා. තෙල් ආහාර ගන්න. ආණ්ඩු කඩන්නේ නැතිව යමු කිව්වා. මේ කතාව ඉවර වෙන්න ඉස්සෙල්ලා ට්වීට් එකක් ගිහින් තිබුණා රවුෆ් හකීම්ගෙන් මම මේකට විරුද්ධ වුණා කියලා. ඒ වගේ ම ඒ වෙලාවේ සුහන්දිරම් මන්ත්‍රී ඇහුවා මම ඉවත්වෙන්න අකමැති කියලා. මම කිව්වා ඉවත්වෙන්න කැමතියි නමුත් ඉවත් වෙන්න ඕනෑ ආණ්ඩුවක් ඇතිකරලා කිව්වා. මම එතුමාට කතා කරාම එතුමා කිව්වා ඒක එතුමා පිටකළේ නෑ කියලා. මේ ට්වීට් එක සිරසට ගියා. සිරස මේකට ප්‍රසිද්ධියක් දුන්නා. අනිත් මාධ්‍ය ආයතනත් ඒක ගත්තා. මම විශේෂ නිවේදනයක් කළා මම යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට බලය දෙන්න කියලා. ඒක අනිත් මාධ්‍යවල දැම්මා. ඒක ඉතින් එතැනින් අවසන් වුණා. නමුත් විශේෂයෙන් ම මේක කිය කියා සිරස මේක ප්‍රකාශ කළා. මම කිව්ව එක විකෘති කළා. මම දෙවැනි එකත් යැව්වා. තුන්වෙනි එකත් යැව්වා. ප්‍රධානියාට තුන් වතාවක්ක කතා කළා. මේක කරන්න එපා අපේ ගෙවල්වලට ගිනි තියන්න පුළුවන් කිව්වා. ඒත් මේක කරගෙන ගියා. කණ්ඩායම් හැදි හැදි ඉන්නකොට පොලිසියෙන් එතැන කඳුළු ගෑස් ගැහුවා. ඊට පස්සේ තව කණ්ඩායමකට කඳුළු ගෑස් ගැහුවා. ඒ වෙලාවේ සිරස මාධ්‍යවේදියෙක් එතැන වැටුණා. ඒ අය චෝදනා කළා ඒ අයට ගැහුවා කියලා. අපි ඒකට කණගාටුව ප්‍රකාශ කළා. ඒ අයට පහරදුන්නානම් ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලන්න ඕනේ. ඒ වෙනුවට කළේ මොකක්ද වටේම යැව්වා මෙහාට එන්න මෙහාට එන්න කියලා එන පාරවල් පවා පෙන්නුවා. පස්සේ කිව්වා පොලිසියට නවත්තන්න බෑ අපි නීති උපදෙස් අරගෙන තියෙන්නේ කියලා. මේ අය අවාම පොලිසිය බැට්න් ප්‍රහාර එල්ල කළා. කඳුළු ගස් එල්ල කළා. අන්තිම එක තිබුණේ වෙඩි තියන්න. අපි වෙඩි තිබ්බේ නෑ. ඒ අය ඇවිත් ගිනි තිබ්බා. මගේ විතරක් නෙවෙයි. ජනාධිපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දරය අල්ලගෙන ලිපි ලේඛන විනාශ කරලා තියෙන්නේ. අපි වැඩකරන්න ඕනේ නීතියට අනුව. ව්‍යවස්ථාව අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියාකරන්නේ නෑ. පාර්ලිමේන්තුවටත් බල කරන්න බැහැ පිටින් ඉදගෙන මේ වැඩ කරන්න කියලා. ව්‍යවස්ථාව ආරක්ෂා කරගෙන ව්‍යවස්ථාව තුළින් ජනතාවගෙන් මතයට කන් දෙන්න. අපිට අද ඕන වෙලා තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්. ඒ නිසා සෙනසුරාදා සිද්ධිය ගැන මම මේ සම්පූර්ණ ප්‍රකාශය කරනවා. ස්තූතියි.