spot_img
spot_imgspot_img

ජනපති අගමැති සිහින දකින මැති ඇමැතිවරු මෙන්න

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව ලබන 13 වැනි දා රැස්වීමටත් එදින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසු නව ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීමටත් පක්ෂ නායකවරු තීරණය කර ඇත.

මේ හේතුවෙන් කලින් පැවැති පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී තීරණය කළ පරිදි කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු නොකරම පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයකු පත්කරගැනීමට ද ඉඩ තිබේ.

එලෙස පත්කරගනු ලබන ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂට හිමිව තිබූ ධූර කාලයේ ඉතිරි කාලය ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවෙයි.

මේ වනවිට ජනාධිපතිධූරය සඳහා විවිධ පාර්ශවයන්ගෙන් නම් කිහිපයක් ම යෝජනා වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්.පීරිස්, සරත් ෆොන්සේකා සහ චම්පික පාඨලී රණවක එලෙස යෝජනා වී ඇත.

අගමැතිධූරය සඳහා ඩලස් අලහප්පෙරුම, චම්පික පාඨලී රණවක සහ අනුර කුමාර දිසානායක ද යෝජනා වී ඇතැයි පැවසේ.

මේ අතර අනුර කුමාර දිසානායකට අගමැතිධූරය දිය යුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ම යෝජනා කර තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති සහ අගමැති ධුරවලට නම් කිරීමේ යෝජනාවකට දේශපාලන පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් ඊයේ (10) නුගේගොඩ ජුබිලි කණුවේ තළතා අතුකෝරළගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී එකඟත්වයට පත්ව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වූ පක්ෂ කණ්ඩායම සහ අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ද සහභාගී වී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම රැස්වීමට සහභාගී වන බව දැනුම් දී තිබුණ ද ඔහු පැමිණ නැත.

ජනාධිපතිධූරයට නම් කිහිපයක් යෝජනා වුවහොත් ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවෙයි. ජනාධිපතිධූරයට විවිධ නම් යෝජනාකරන සියලු පාර්ශවයන් උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුවේ දී බෙදීමකින් තොරව ජනාධිපතිවරයකු තෝරාගැනීමයි.

ජනාධිපතිවරයකු තෝරා ගැනිමේ ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් එයි සිදුකරන ක්‍රියා පිළිවෙත අපි rata.lk මගින් ඊයේ ප්‍රකාශයට පත්කළෙමු. එම ලිපිය මෙතැනින්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!