spot_img
spot_imgspot_img

පොලිිසිය අරගලකරුවන් සමඟ විනෝද සමයක ද? රාජකාරියක් ද?

පුවත්

විදෙස්

ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදුව හැති හානිය පිළිබඳ සොයාබලන්න යැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් නියෝග කර තිබේ.

එම නියෝගය ලබා දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර සහ බස්නාහරි පළාත් අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න යන දෙදෙනාටය.

මෙම පරිශ්‍රයන්ට ඇතුළු වූ පිරිස් තවමත් එහි රැඳී සිටින අතර මේ වනවිට එම ස්ථානයට විවිධ ප්‍රදේශවලින් මහජනතාව පැමිණෙමින් සිටිති. ජීවිතයේ කිසිදා එවැනි තැන්වලට පැමිණිය නොහැකි බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් බාහිර පුද්ගලයන් එහි කැඳවන අයුරු ද දක්නට ලැබේ. ‍

දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ එම පරිශ්‍රයන්හි තිබූ ඇතැම් මිල කළ නොහැකි සිහිවටන ඇතුළු භාණ්ඩ එහි පැමිණි පුද්ගලයන් විසින් සොරාගෙන ගොස් ඇති බවට ද වාර්තාවන බවයි.

මේ සම්බන්ධව වහාම විමර්ශන සිදුකර සාක්ෂිි විනාශවීමට පෙර කැමරා දත්ත ඇතුළු තොරතුරු ආරක්ෂා කරගන්නා ලෙස ද පොලිසියට උපදෙස් දී ඇත.

ඊයේ (10) දිනයේ ජනාධිපති මන්දිරයට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් නිරායුධව පැමිණ සෙල්ෆි ඡායාරූප පවා ගනිමින් ඉතාමත් සුහදශීලීව සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන අරගලකරුවන් විසින් ම සමාජ මාධ්‍යයට මුදාහරැ තිබිණි.

අරගලකරුවන් කියා සිටියේ පොලිස් නිලධාරීන් ද කලාතුරකින් දක්නට ලැබෙන මේ අපූරු අවස්ථාවට පැමිණ තමන් සමඟ සතුටින් සිටින බවයි.

1 COMMENT

  1. දේශබන්දු තෙන්නකෝන් උබ තමයි මේවට වගකියන්න ඕන. එදා තෝ ගෝල් ෆේස් එකේ කරපු කෙරුවාවට තොට නීතිය ක්‍රියාත්මක කරේ නෑ. තෝත් වෙලවක බාවන්නම්. හිටපන් දේශද්‍රෝහියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!