ක්‍රියාවිරහිතව ඇති පීසීආර් යන්ත්‍රය යළි සැකසීම සඳහා චීන විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
චීනයෙන් ආනයනය කරන ලද මෙම පීසීආර් යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ රැසක් ප්‍රමාද වූ බවත් 20,000ක් පමණ ජෛව සාම්පල එකතු වී තිබෙන බවත් ප්‍රකාශ කෙරිණි. ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීමක් මෙම විශේෂඥයන් කණ්ඩායම කඩිනමින් පැමිණි බව ද එම නිවේදනයේ දැක්වේ.
පැමිණ ඇත්තේ පීසීආර් යන්ත්‍රය නිෂ්පාදනය කළ සමාගමේ නිලධාරීන් පිරිසකි.