-2.1 C
New York

පොලිසියේ 60කට කොරෝනා 1500ක් නිරෝධායනයේ

Published:

පොලිසියේ නිලධාරීන් 60 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් 1500ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිලධාරීන් 400ක පමණ පිරිසක් සෘජු නිරෝධායනයට මධ්‍යස්ථාන වෙත යවා ඇති අතර 1100ක පමණ පිරිසක් මේ වනවිට බැරැක්ක, කඳවුරු හා නිවෙස්තුළම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ, කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට ඔවුන් යවා ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ පොලිස් නිලධාරීන්ට කොරෝනා ආසාදනය වීම ආරම්භ වූයේ පෑලියගොඩ පොකුර වාර්තාවීමත් සමඟ බවයි. පළමුව රෝගය වැළඳී ඇත්තේ පොලිසිවල සිටින භෝජනාගාර පාලකවරුන්ට බවත් ඔවුන් භෝජනාගාරවලට අවශ්‍ය මාළු මිල දී ගැනීමට පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයට ගොස් තිබෙන බවත් ඔහු පවසයි. වෙනත් පොදු මහජන රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට කොරෝනා ආසාදනය නොවූ බවත් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂති උපකරණ ලබාදී ඇති බවත් අජිත් රෝහණ කීවේය.

යම් යම් පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා විෂබීජහරණය ඇතුළු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කර නැවත කඩිනමින් විවෘත කිරීමට කටයුතු කළ බවත් ඔහු සිහිපත් කළේය.

Related articles

Recent articles

spot_img