පොලිස් බාධක පෙරළා දමමින් ගාලු කොටු පවුර මතට නැගී විරෝධතාවක නිරත වූ සිය ගණනක අරගලකරුවෝ මද වේලාවක් එහි රැඳී සිට යළි ගාලු නගරයට පිවිස ගාල්ල මහජන ක්‍රීඩාංගණය සහ බස් නවැතුම්පොළ අතර විරෝධතාවයක නිරතව සිටිති.
පොලිසිය අද (09) දිනයේ දී අරගලකරුවන්ට කොටු පවුර මතට නැගීමට නොහැකිවන ආකාරයෙන් බාධක යොදා තිබුණ ද අරගලකරුවෝ ඒවා පෙරළා දමමින් පවුර මතට නැග ගත්හ.
කොටුව මත සිට විරෝධතා පුවරු රැගෙන කරන ලද උද්ඝෝෂණය ටෙස්ට් තරඟය ආවරණය කරන කැමරාශිල්පීන්ගේ විශේෂ අවධානයකට ලක්ව තිබිණි. ඔවුන් නිතර නිතර එහි රූප රාමු ප්‍රචාරය කළේය.
මේ ස්ථානයට තව දුරටත් අරගලකරුවන විශාල වශයෙන් එක්වෙමින් සිටින අතර ඔවුන් ටෙස්ට් තරඟයට කිසිදු බාධාවක් නොවන අයුරින් අරගලයේ යෙදීම ද විශේෂත්වයකිි.







