ගාල්ලේ සිට කොළඹ බලා යාමට පැමිණි මගීන් සඳහා අද (09) මිට සුළු වේලාවකට පෙර විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ විය.
කොළඹ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා දුම්රියෙන් යාමට අති විශාල පිරිසක් අද උදෑසන ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ සිටි අතර ඒ වනවිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර සියල්ල අවලංගු කර තිබිණි.
මේ අවස්ථාවේ දී පැමිණ සිටි පිරිස් දුම්රිය ස්ථානාධිපතිවරයාට කරුණු පැහැදිළි කරමින් දැඩි විරෝධයක නිරත වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් කුමාර ද පැමිණ මෙලෙස දුම්රිය අවලංගුකරමින් ජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ඇති අයිතිය අහිමිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද පෙන්වා දුන්නේය.
දුම්රියේ යාමට පැමිණි පිරිස් දුම්රිය ස්ථානය අසළින් කොළඹ කරතරගම ප්‍රධාන මාර්ගය අවහිර කළ අතර විශේෂ දුම්රියක් ධාවයට එක් නොකරන්නේ නම් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟය පැවැත්වීමට නොහැකි අයුරින් ක්‍රීඩාංගණය අවහිර කරන බව ද කියා සිටියහ.
ඉන්පසු මෙම පිරිසට කොළඹ දක්වා ගමන්කිරීමට විශේෂ දුම්රියක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.





