-0.5 C
New York

ගාල්ල දුම්රිය ස්ථානය උණුසුම් වෙයි. දුම්රිය නැතිනම් ටෙස්ට් තරඟය නෑ

Published:

ගාල්ල දුම්රිය ස්ථානයේ අද (09) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. ‍දුම්රියෙන් කොළඹ යාමට මගී ජනතාව පැමිණ සිටිය ද දුම්රිය කිසිවක් අද ධාවනය නොවීම හේතුවෙන් අපහසුතාවට පත්වූ ජනතාව කෑ කෝ ගසමින් එම ස්ථානයේ විරෝධය දක්වති.

අද උදෑසන ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය වූ ‍අතර කොළඹ දෙසට දුම්රිය ධාවනය කර නැත. දුම්රිය ස්ථානාධිපති පවසන්නේ කොළඹට දුම්රිය ධාවනය අත්හිටුවන ලෙස ඉහළින් උපදෙස් ලැබී ඇති බවයි. නමුත් උපදෙස් දුන් අය කවුරුන්දැයි පවසන්නේ නැත.

මේ අවස්ථාවේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් කුමාර ද එම ස්ථානයට පැමිණ දුම්රිය මගීන්ගේ ගමන් කිරීමේ නිදහසට මේ ආකාරයෙන් බාධා කිරීමේ වරද දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පෙන්වා දුන්නේය.

ඒ අනුව අරගලකරුවන්ගේ ඉල්ලීම මත විශේෂ දුම්රියක් කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු යොදන බව මේ වනවිට ස්ථානාධිපතිවරු පවසා තිබේ.

දුම්රිය ධාවනය නොකරන්නේ නම් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරඟය පැවැත්විය නොහැකි පරිදි එම ක්‍රීඩාංගණය අවහිර කරන බව ද අරගලකරුවෝ කියති.

Related articles

Recent articles

spot_img