පොලිස්පතිවරයා විසින් කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බවට කරන ලද නිවේදනය නීති විරෝධී බවත් පොලිස් ආඥා පනතේ ඒ සඳහා කිසිදු බලයක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පොලිස්පතිවරයා තමන්ට නොමැති බලයක් ඇති බව හුවාදක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කිරීමක් බවත් එම නිවේදනයේ දැක්වේ.
අද රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් නියෝග කර තිබිණි.
මෙරට නීතිය අනුව පොලිස් ඇඳිරිනීතිය කියා දෙයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් පවසයි.
“මෙය රජයට එරෙහිව විරෝධතා දැක්වීමට හෙට රැස්වන ජනතාව අධෛර්යමත් කරන්න කරපු වැඩක්. ජනතාවට විරෝධතා දැක්වීමට තියෙන අයිති, ගමන් කිරීමේ නිදහස නැතිකරන්න කිසිම පාර්ශවයකට අයිතියක් නැහැ.” යනුවෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.



