-3.6 C
New York

ජනාධිපති කියන කතාව ඇත්තක්ද ?

Published:

ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12 වැනිදා සිට අඛණ්ඩව ලබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බවට ජනාධිපති මාධ්‍ය ‍ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

එබැවින් දීර්ඝ වෑයමකින් අත්පත් කරගත් සාර්ථකත්වයේ ප්‍රතිඵල ලැබෙන බැවින් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමඟ යවන වැඩපිළිවෙල ඉතාමත් කණගාටුදායක බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

එවැනි පියවර හේතුවෙවන් රට නැවත ආපස්සට ගමන්කරනු ඇතැයි ද ජනාධිපතිවරයාගේ අදහසයි.

නමුත් මේ වනවිට රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ කිසිම ඉන්ධන නැවකට මුදල් ගෙවා නැති අතර ඉන්ධන නැවකට මුදල් ගෙවීමට හෝ ශ්‍රී ලංකාවට හැකියාවක් නැති බවයි.

බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙනඒම ද සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත. අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය පවා නොමැති තත්වයක් තුළ ලබන 12 වැනි දා සිට සියලු ද්‍රව්‍ය ලැබෙන බවට ජනාධිපතිවරයාට පොරොන්දු වන්නේ කෙසේද යන්න එම නිවේදනයේ සඳහන් කර නැත.  

Related articles

Recent articles

spot_img