ඉදිරි දින දෙකේ දී IOC ඉන්ධන පිරවුම්හල් වෙත තෙල් බෙදා හැරීම් නොකරන බව ලංකා අයිඕසී සමාගම පවසයි. ලබන 11 වැනි දා යළි බෙදාහැරීම් ආරම්භ කරන බව ද එම සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා කියා සිටියේය.
හෙට (09) සහ අනිද්දා (10) කාලයේ දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අවශ්‍ය ඉන්ධන තොග කිහිපයක් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන පමණක් ලබාදීමට නියමිතය.



