ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒකාන්තයෙන් ම සිය ධූරයෙන් ඉවත්විය යුතුයැයි ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු 47 දෙනකු තිරණය කර තිබේ.
රටේ ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයා ගෞරවනීයව සිය ධූරයට සමු දී වෙනත් අයකු ජනාධිපති ධූරයට පත්කිරීමට අවශ්‍ය කාලය මේ වනවිට එළැඹ ඇතිබව ඔවුන් රැස්වීමක දී තීරණය කර ඇත.
වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රට යථා තත්වයට පත්වන බවක් නොපෙනෙන බව ද ඔවුන් පවසයි. ඉදිරියේ දී ආරම්භවන උද්ඝෝෂණ රැල්ල සහ රටේ ආර්ථික අර්බුදයට ජනතාව ලබාදෙන ප්‍රතිචාර හමුවේ රට ලේ විලක් බවට පත්වීම සිදුවනු ඇතැයි ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසා තිබේ.
ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිවරයා ධුරයට පත් කළ යුතු බව ද ඔවුන් සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා වත්මන් ඇමතිවරුන් තිදෙනෙකුද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චරිත හේරත්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් එක්ව සිට ඇත



