ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අක්මීමණ තොටගොඩ ප්‍රදේශයෙන් වාර්තවූ කොරෝනා ආසාදිත තරුණයාගේ ආසාදනය වූ මූලාශ්‍රයක් සොයාගත නොහැකියැයි මුලින් කීව ද ඔහු මිනුවන්ගොඩ පොකුරේම අයකු බව සෞඛ්‍ය අංශ පවසයි.
ඔහු මුල් අවස්ථාවේ පවසා තිබුණේ තමන් කිසිදු අවදානම් ස්ථානයකට නොගිය බැවින් කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බවයි. ඔහු නතර වී සිටි මිත්තණියගේ නිවසේ මීට ඉහත කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක සිට පැමිණි මාමා කෙනකු සිටි බැවින් ඇතැම් විට මාමාට රෝග ලක්ෂණ නොපෙන්වුව ද මෙම තරුණයට වයිරසය ආසාදනය වන්නට ඇතැයි විශ්වාස කෙරිණි.
ඒ මාමාට හා මිත්තනියටත් නිවසට පැමිණි තවත් කාන්තාවකටත් පීසීආර් පරීක්ෂණ සිදුකර තිබූ අතර අද ලැබුණු වාර්තාවලින් තහවුරු වූයේ ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තරුණයා ජපන් භාෂා පන්තියක් සඳහා ගම්පහ ප්‍රදේශයට ගොස් ඇති අතර එහි සිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති සාදයකට ද සහභාගී වී ඇති බවයි. ඔහුට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය සොයාගත නොහැකියැයි මුල් අවස්ථාවේ සෞඛ්‍ය අංශ පැවසුව ද මේ වනවිට එම තරුණයා ද මිනුවන්ගොඩ පොකුරේ ම අයකු බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වෙතත් තරුණයාගේ පියා පවසන්නේ තම දරුවාට විදේශතවීම සඳහා පීසීආර් පරීක්ෂණය සිදුකළ පුද්ගලික රෝහල විසින් ලබාදුන් වාර්තාව සැක සහිත බවයි. එබැවින් තම දරුවාට ඉක්මණින් පීසීආර් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටිය ද සෞඛ්‍ය බලධාරීන් එය සිදුනොකරන බවට ඔහු චෝදනා කරයි.
මේ පිළිබඳ අප සෞඛ්‍ය අංශවලින් විමසූ විට කියා සිටියේ ඔවුන් පීසීආර් පරීක්ෂණය සිදුකර ඇත්තේ එවැනි පරීක්ෂණ සිදුකිරීම සඳහා අවසර ලබාදුන් රෝහලකින් බැවින් එම වාර්තාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සත්‍ය හා නිවැරදි වාර්තාවක් ලෙස පිළිගන්නා බවයි. ඒ අනුව තවත් පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීම අවශ්‍ය නොවන බවත් දෙවැනි පීසීආර් පරීක්ෂණය කරනු ලබන්නේ දින 14කින් බවත වෛද්‍යවරු කියති.