-3.6 C
New York

පොහොට්ටු මන්ත්‍රී අහසට වෙඩි තබමින් පලා යයි

Published:

ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ධර්ම දේශනයක් පැවැත්වූ නිවසක ද අහසට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස ‍පලා ගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාරයි. ඔහු හොරණ ප්‍රදේශයේ නිවසක තිබූ ධර්ම දේශනයක් අවස්ථාවේ දී එම නිවසට ගොස් ඇත. එහි දි එම පක්ෂයේ ම ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති වී අහසට  වෙඩි තබමින් එතැනින් පලාගොස් තිබේ.

නිවසේ හිමිකරු මේ සිද්ධිය පිළිබඳ පොලිසියට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැත.

Related articles

Recent articles

spot_img