අති විශේෂ ගැසට් නිවේදනයකින් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීම අත්හිටුවා ඇතත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ඉන්ධන ලබාදීමට රජය කටයුතු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඊයේ (07) සෞඛ්‍ය සේවකයන් වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ ඉන්ධන ලබාගැනීමේ වැඩපිළිවෙල නැවත සමාලෝචනය කළ යුතු බැවින් ඉදිරි පැය 48 දී ඉන්ධන ලබාගැනීමට හැකියාවක් නොමැති බවයි.
අද (08) සිකුරාදා සෞඛ්‍ය අංශ සඳහා නම්කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමට කලින් සැළසුම් කර තිබිණි.
එසේ සෞඛ්‍ය අංශවලට ඉන්ධන ලබාදීම නවතා දමා තිබිය දී යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ සැපයුම් සහ ප්‍රවාහන විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්ධන නිකුත් කිරීමේ අවසර පත්‍රමගින් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට සතියකට ලීටර 20 බැගින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා නොදෙන තත්වයක විශ්‍රාමික හමුදා නිලධාරීන්ටත් ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇත.




