කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 11,152 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 791 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 59කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,057ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 142
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 124
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 109
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 8.3
- එස්.එන්.බී.ලීසිං සමාගම (X) කොටස් මිලියන 05
- එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 3.5
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටාජ් හෝටල් සමාගම 14%
- ලංකා සෙරමික් සමාගම 12%
- ඩර්ඩ්න්ස් සමාගම 8%
සංවෘතකවය තුළ සිදු වූ ගනුදෙනු
- ජෝන් කීල්ස් සමාග කොටස් 233,000ක් රුපියල් 123.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 312
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 168
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 168
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 190ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 181ක මුදලක් කොටස් වෙළෙඳ පොළට අද එකතු කර තිබේ
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 119
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 37
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 25
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 2.5
- සම්පත් බැංකුව රුපියල් මිලියන 1.7
- ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 0.2
(නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)